ලිංගික අවයව කපා සැමියා මැරූ සුරුපි බිරිද හෙළි කල සත්‍ය කතාව Gossp Lanka 6:46 AM
“ඕක නිසා තමයි සර් පිරිමි සංහතියම අපි වගේ අහිංසක ගෑනුන්ව රවට්ටලා. අන්තිමට අමාරුවේ දාලා අත ඇරලා යන්නේ…මූ….මට දරුවෙකුත් දීලා මාව දික්කසාද කරලා වෙන කෙල්ලක් කසාද බඳින්න යන්නේ ඕක තියෙන නිසානේ. දැන් ඌට ඒවා බෑනේ.” ලිංගික අවයවය කපා දැමීමට තරම් ඇයට ඔහු සමඟ තිබුණු වෛරය ඇය එලෙස පැවසුවේ දැඩි ආවේගයකිනි.
පසුගිය විසිහත් වැනිදා උදේ හය පමණ වන විට මීගහවත්ත පොලිසියට පැමිණි කාන්තාවක එලෙස පාපොච්චාරණයක යෙදිණි.
ඇයගේ පෙනුම මලානිකය එහෙත්… ස්වරය සෘජුය. දෑස් අඟ කඳුළු බිඳු දෙකක් රැඳී ඇතත් ඇය හඬා වැටෙන්නේ නැත. හැඳ සිටින ඇඳුමේ ලේ පැල්ලම් බොහෝය. දෑත්වල තැවරුණ ලේ සෝදා ඇතත් හරියට සේදී නැත. මුහුණේ ද කුඩා ලේ බිංදු කිහිපයකි.
පිහියෙන් ඇන සැමියා මරා දැමු බව කියමින් පැමිණි නිසංසලා විජයන්ති නම් වූ තිස්තුන් හැවිරිදි ඇය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය ඇය ද කැඳවාගෙන පොලිසියේ සිට කිලෝමීටර් තුනහමාරක් පමණ දුරින් පිහිටි දෙල්ගොඩ. අකුරුමුල්ල. අංක 75බී දරණ නිවෙස වෙත ළඟා වෙද්දී දොර ජනේල සියල්ල වසා දමා තිබෙනු දක්නට ලැබිණි.
පිටුපස දොර ජනේලද වසා දමා ඇත. මුලුතැන්ගෙට එපිටින් ගෙවත්ත පිටුපස දෙසට අත දික්කළ ඇය යමක් පෙන්වුවාය.
ඇය පෙන් වූ දෙය බැලු පොලිස් කණ්ඩායම දුටුවේ උඩුබැලි අතට පුද්ගලයකු වැටී මියගොස් සිටින අයුරුය. ඔහුගේ සිරුර රුධිරයෙන් නැහැවී ඇත. සිරුරේ බොහෝ ස්ථානවල ඇනුම් තුවාල මෙන්ම කැපුම් තුවාල ද දක්නට ඇත. කලිසමකින් හා කමිසයකින් සැරසී සිටි ඔහු ගේ කලිසමේ සිපරය විවෘත කොට ඇත. ඒ අසලින්ද රුධිර දහරාවක් ගලාගිය බවක් දක්නට ඇත. බඩවැල් ද එළියට පැන ඇත.
මළ සිරුර අවට පරී්ක්ෂා කළ පොලිස් කණ්ඩායමට ඔහුගේ හිස ආසන්නයේ තිබී යමක් හමුවිය. ඒ… ඔහුගේ ලිංගික අවයවයයි.
“ඕක නිසා තමයි සර් පිරිමි සංහතියම අපි වගේ අහිංසක ගෑනුන්ව රවට්ටලා අන්තිමට අමාරුවේ දාලා අත ඇරලා යන්නේ…මූ….මට දරුවෙකුත් දීලා මාව දික්කසාද කරලා වෙන කෙල්ලක් කසාද බඳින්න යන්නේ ඕක තියෙන නිසානේ. දැන් ඌට ඒවා බෑනේ.”
ලිංගික අවයවය කපා දැමීමට තරම් ඇයට ඔහු සමඟ තිබුණු වෛරය ඇය එලෙස පැවසුවේ දැඩි ආවේගයකින්. ඇය… ඔහුට පමණක් නොව මුලු පිරිමි සංහතියටම වෛර කරන බව ඇයගේ කතා බහෙන් පොලිස් කණ්ඩායමට වැටහිණි.
මෙලෙස මරා දමා තිබුණේ මහේෂ් ප්‍රියන්ත නම් වූ විසි අට හැවිරිදි එක්දරු පියෙකි.
වසා දමා තිබු නිවෙසේ දොරවල් විවර කරද්දී නිවෙසේ කුඩා දරුවන් තිදෙනකු බියපත්ව සිටිනු දක්නට ලැබිණි.
“මේ මගේ පළවෙනි කසාදේ දුව. වයස අවුරුදු දාහතරයි. මේ මගේ දෙවෙනි කසාදයේ පුතා. වයස අවුරුදු එකොළහයි. මේ මගේ තුන්වෙනි කසාදයේ මේ මිනිහගේ දුව වයස අවුරුදු පහයි.”
දරුවන් තිදෙනා පෙන්වූ ඇය එලෙස ඔවුන් කාගේ කවුදැයි කියා පොලිසියට විස්තර කළාය.
නිවෙසේ සාලයේ සැමියා අසල සිට කෑම කාමරය හරහා මුලුතැන්ගෙය දක්වා ද එතැනින් මුලුතැන්ගෙයි දොර දක්වාත් එතැන සිට ඔහු වැටී සිටි ස්ථානය දක්වාත් ලේ පැල්ලම් දක්නට ලැබිණි. මුලුතැන්ගෙයින් පිට මිදුලේ සිට ඔහු වැටී සිටි ස්ථානය දක්වා නිවෙස තුළට වඩා වැඩි රුධිර ප්‍රමාණයක් වැටී තිබෙනු දක්නට තිබිණි.
“මේ පිහියෙන් තමයි මම මේ මිනිහට ඇන්නේ”
ඇය… කෑම කාමරයේ මේසය මත වූ පිහියක් පෙන්වමින් එලෙස පවසා සිටියාය. පොලිසිය පිහියද සිය බාරයට ගත්තේය.
මෙතරම් කෲර ලෙස සැමියා මරා දැමීමට හේතුව කුමක්දැයි යන්න පොලිසියට ද ගැටලුවක් විය. පසුව ඇය සිය දුක්බර ජීවිත කතාව අකුරක් නෑර හෙළි කළාය. ඒ කතාව අසා සිටි පොලිස් නිලධාරීන්ට වැටහුණේ පුරුෂයන් කිහිප දෙනෙකුගේම අසාධාරණ ක්‍රියාවලියකට ලක්ව සිටි ඇය අන්තිමට විවාහ වූ පුරුෂයාගෙන්ද ඒ අසාධාරණයම සිදු වන්නට යද්දී ඇති වූ වෛරයෙන් මේ තරම් සාහසික ලෙස පුරුෂයා මරා දමා ඇති බවයි.
පොලිස් පරීක්ෂණ වලදී හෙළි වූ තොරතුරු වලට අනුව නිසංසලා සාමාන්‍ය පවුලක උපන් දියණියකි. ඇය… මුලින්ම විවාහ දිවියට ඇතුළත් වන්නේ තරුණ වියට පය තැබු මුල්ම අවදියේදීය. එනම්…. මෙරට පවතින නීතියට අනුව කාන්තාවකට විවාහ වීමට අවසරය හිමිවන වයස් කාණ්ඩය වූ අවුරුදු දහ අටේදීය.
“වයස අවුරුදු දහඅටේ දී කසාද බැන්දට පස්සේ මට දුවෙක් ලැබුණා. ඒ කසාදෙට අවුරුදු හතරක් පිරෙද්දී ඒ මිනිහා මාවයි දරුවයි දාලා ගියා. දික්කසාද නඩු දැම්මා. මට වයස අවුරුදු විසිදෙක වෙද්දී ඒ මිනිහා මාව දික්කසාද කරලා දරුවත් මට දාලා වෙනත් ගෑනියෙක් අරගෙන යන්න ගියා.”
“තරුණම තරුණ වයසෙදි මම දරුවෙක් එක්ක ලෝකේ අතරමං වුණා. අම්මලා තාත්තලාගේ උදව්වෙන් මම දරුවත් එක්ක ජීවත් වුණා.”
“මම දෙවෙනි වතාවට කසාද බැන්දේ ඩොක්ටර් කෙනෙක්. ඒ වෙද්දී මට වයස අවුරුදු විසි තුනයි. ඒ කසාදෙන් මට පුතෙක් ලැබුණා. පුතා ලැබිලා ටික දවසකින් ඒ මිනිහත් මාව දාලා ගියා. පස්සේ නඩු දාලා මාව දික්කසාද කළා. ඒ වෙද්දි මට වයස අවුරුදු විසිපහයි.”
“කසාද දෙකේ දරුවෝ දෙන්නා එක්ක ආපහු මම තනිවුණා. අසරණ වුණා. ඒ අතරේදී තමයි මට මහේෂ් හම්බවුණේ.
“එයාට ඒ වෙද්දී වයස අවුරුදු විසි දෙකයි. මට වඩා අවුරුදු පහක් බාලයි. එයාගේ තාත්තා බිස්නස් කරන කෙනෙක්. මෙයත් ඒ බිස්නස් වලට හවුල් වෙලා හිටියේ.”
“මම දරු දෙන්නෙක් එකක් තනිවෙලා ඉන්නවා කියලා එයා හරියට දුක්වුණා. මගේ පිහිටට ආවේ දෙවියෙක් වගේ. මට පුදුම විදිහට ආදරේ කළා. පස්සේ එයා මාව කසාද බැන්ඳා. මගේ කලින් දරුවෝ දෙන්නත් එක්කම එයා මාව බාර ගත්තා. අපි හතර දෙනාම එක ගෙදරක ජීවත් වුණා. පස්සේ මට එයාගෙන් දුවෙක් ලැබුණා.”
“දැන් ටික දවසක ඉඳලා එයත් වෙන කෙල්ලක් එක්ක යාලුවෙලා. මට ඒ බව ආරංචි වුණා. අහන්න ගියාම ගෙදර ගෝරි. එයාත් ලෑස්ති වුණේ මට විරුද්ධව දික්කසාද නඩුවක් දාලා මාව දික්කසාද කරලා යාලු කරගත්ත කෙල්ලව කසාද බැඳගන්න.”
පුරුෂයන් අතින් දිගින් දිගටම අසරණ වූ ඇය සිය ජීවිත කතාව පවසන අතරතුරේ ගැඹුරු සුසුම් හෙලුවාය. වරෙක තදින් හුස්ම ගනිමින් සිත තුළ වූ වෛරී සහගත හැඟීම් පිටකිරීමට උත්සාහ කළාය.
“ඊයේ රෑ මිනිහා ඒ කෙල්ල හම්බවෙන්න ද කොහේද ගිහින් රෑ වෙලා ගෙදර ඇවිත් ඇඳුම් මාරු නොකරම සාලේ සැටියට වෙලා නිදා ගත්තා. මාත් එක්ක කතා බහක් නෑ. මම හිටියේ ඉවසන්න බැරි තරම් තරහකින්”
“පාන්දර මට ඇහැ ඇරිලා බලද්දිත් මිනිහා සැටියේ නිදි. ඒ විදිහට ඉන්නවා දැක්කම මගේ තරහ දෙගුණ තෙගුණ වුණා. මම කුස්සියේ තිබුණ පිහියක් අරගෙන ඇවිත් එක පාරක් ඇන්නා. අනිද්දී මිනිහා නැගිටලා මාව අල්ල ගන්න හැඳුවා. මම කෑම කාමරය හරහා කුස්සිය පැත්තට දුවලා ගියා. ගිහින් කුස්සියේ දොර ඇරගෙන එළියට ගිහින් හැංගුණා.”
මිනිහත් එළියට ආවා. මම මිනිහගේ පිටිපස්සෙන් ගිහින් පිටට පිහි පාරවල් තුනක් ඇන්නා. ඒ පාරවලට මිනිහා වැටෙන්න වගේ ගියා. ඒත්… වැටුණේ නෑ. වැටි වැටී වගේ ඉස්සරහට ගියා. ගිහින් වැට ළඟ උඩුබැලි අතට වැටුණා.”
“ඊට පස්සේ මම මිනිහා ළඟට ගිහින් ඇඟ උඩ නැගලා බෙල්ලට පිහිපාරවල් දෙකක් ඇනලා බෙල්ල කැපුවා. පපුවටත් පිහියෙන් ඇන්නා. බඩටත් ඇන්නා. ඊට පස්සේ කලිසමේ සිප් එක ඇරලා එයාගේ පුරුෂ ලිංගය කපලා විසිකරලා දාලා මම පිහියත් අරගෙන ගෙට ආවා.”
“කුස්සියේ දොර ළඟට එද්දී ලොකු දුව දොර ළඟට ආවා. එයාට නින්දෙදි සද්දයක් ඇහිලා මොකක්ද කියලා බලන්න ඇවිත්”
“මම එයාට එළියට බහින්න දුන්නේ නෑ. කුස්සියේ දොර වහගෙන මම දුවත් එක්ක ගෙට ගියා. කෑම කාමරේ මේසේ උඩට පිහිය විසි කරලා ලොකුදුවට පොඩි දෙන්නව බලාගෙන ඉන්න කියලා ඉස්සරහ දොරත් වහලා මම පාරට බැස්සා. පාරේ යන ත්‍රිවිල් එකකට අත දාලා පොලිසිය ළඟින් බැස්සා.”
පුරුෂයන්ගේ ආදරබර වදන්වලට පොරොන්දුවල රැවටී දීග තුනක ගිය ඇය තුන්වන දීගයේ සැමියා ද පෙර සැමියන් කළ දෙයම කිරීමට යද්දී ඊට එරෙහිව ගත් ක්‍රියාමාර්ගය පිළිබඳ එලෙස තොරතුරු හෙළි කළාය.
ඇයගේ වැඩිමල් දියණියගේත්, දෙවැනි පුතාගෙත්ත් පියවරු මොලොව ජීවත්ව සිටිති. එහෙත් …. දරු බර පැටවුණේ ඇය මතය. ඇය දිගින් දිගටම පුරුෂයන් හා විවාහ වුයේ මේ පුරුෂයාවත් මිය යන තුරු තමාට ආදරය කරමින් රැකවරණය දෙමින් බලාකියා ගනීය යන චේතනාව ඇතිවය.
එහෙත්…. වයස අවුරුදු තිස්තුන සපිරෙද්දී දරු තිදෙනකු ද සමඟ මෙලොව අසරණ වන්නට ඇයගේ සිත ඉඩ නොදෙන්නට ඇත. ඇය…. දැඩි වෛරයකින් යුතුව තුන්වන සැමියා මරා දමන්නේ ගෙවා දැමීමට තිබෙන ඉතිරි ජීවිත කාලයේදී තවත් පුරුෂයන්ට රැවටෙනවාට වඩා මොහු මරා දමා පුරුෂ සංහතියටම පාඩමක් උගන්වන චේතනාවෙන් විය යුතුය.
අත්අඩංගුවට පත් ඇය රක්ෂිත බන්ධනාගාර ගත කැරිණි. දරු තිදෙනා භාර වුයේ ඇයගේ නැගණියටය. එනම් දරුවන්ගේ පුංචි අම්මාටය.
එක් මවු කුස උපන් පියවරුන් තිදෙනකුගේ දරු බර අද දරන්නට වී ඇත්තේ ඇයගේ නැගණියටය.
පෑලියගොඩ සහකාර පොලිස් අධිකාරී එම් .කේ.ජේ ගුණරත්න ගේ උපදෙස් මත මී ගහවත්ත පොලිසියේ ස්ථානාධිිපති ඉන්දික වික්‍රමසිංහ ඇතුලු කණ්ඩායමත් පරීක්ෂණ වල නිතර විය.
උපුටා ගැනීම gossiplankasinhala.lk වෙබ් අඩවියෙන්.
0 comments:
Post a Comment