BTemplates.com

Search This Blog

Powered by Blogger.

නිවසේ මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවනම් දැන්ම ඉවත් කරන්න

දැන්වත් වැරැද්ද හදාගන්න නිවසේ මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවනම් දැන්ම ඉවත් කරන්න ඔබේ නිවසෙත් මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවානම් ස...

Monday, May 29, 2017

මේ සතියත් අවදානම් ! ලෝක කාලගුණ විද්‍යාඥයින් අනතුරු අගවයි !



 – සුළං – ගංවතුර – නායයෑම් තවදුරටත් ! ලෝක කාලගුණ විද්‍යාඥයින් අනතුරු අගවයි ! මේ සතියත් අවදානම් !


ශ‍්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්ක ආශ‍්‍රිතව ඉතාමත් ප‍්‍රබල සංවහන කුණාටුවක් මතුවෙමින් තිබෙන බවත් මේ හේතුවෙන් නිරිතදිග මෝසම් වැසි වඩාත් වර්ධනය කිරීමට දැඩිව බලපෑම් ඇතිකරන නිසා මෙරටට අධික වැසි හා තද සුළං ඇතිවන බවත් තම චන්ද්‍රිකාවලට නිරීක්ෂණය වූ බව නාසා ආයතනය පවසයි.

නාසා ආයතනය සහ ජපාන අභ්‍යාවකාශ ගවේෂණ එ්ජන්සිය එ්කාබද්ධව අභ්‍යාවකාශගත කර ඇති ගෝලීය වර්ෂාපතන මිනුම් මෙහෙයුම් චන්ද්‍රිකාවලට මේ බව පසුගිය 22දා නිරීක්ෂණ වූ බව නාසා ආයතනය පසුගිය 23 වැනිදා නිවේදනය කර තිබේ.

ගෝලීය වර්ෂාපතන මිනුම්වල සූක්ෂ්ම තරංග හා ද්විත්ව සංඛ්‍යාත අවක්ෂේප රේඩාර් දත්ත මෙම කුණාටුවේ ප‍්‍රබලත්වය හා ස්ථානය නිවැරැුදිව ගණනය කර ඇති බව නාසා ආයතනය පවසයි.

එ් අනුව පැයට මිලිමීටර් 108ක අවම වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව ද නාසා ආයතනය පවසා තිබේ.
මේ අතර ජාත්‍යන්තර කාලගුණය පිළිබඳ අනාවැකි පළකරන කාලගුණ විද්‍යාඥ බ්‍රෙත් රැුට්බන් පවසා ඇත්තේ ඉදිරි සතිය තුළත් තවදුරටත් නායයාම්, ගංවතුර තත්වයන්ට මුහුණදීමට ශ‍්‍රී ලංකාවට සිදුවන බවයි.

ලංකාවේ නිරිතදිග කොටසේ වැසි හේතුවෙන් දිනපතා මිලිමීටර් 100ක් පමණ වන වැසි ඉදිරි සතියේත් බලපානු ඇති බවත් මෙරට ජනතාවගේ ජීවිත හා දේපළ හානි වීමේ අවදාම ලබන සතිය පුරාවටත් පවතිනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

නිරිත දිග මෝසම සහ බෙංගාල බොක්කේ වර්ධනය වෙමින් තිබෙන ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම හේතුවෙන් ඇතිවී තිබෙන අධික වර්ෂාව හා සුළං හේතුවෙන් මතුව ඇති හදිසි ස්වභාවික ආපදා තත්වය නිසා රටපුරා දිස්ත‍්‍රික් 15කට දැඩි බලපෑම් එල්ල කරමින් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඊයේ (28* වනවිට 151 දක්වා ඉහළ ගොස් 111 නෙකු අතුරුදන්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා තත්වයෙන් වැඩිම විනාශයක් සිදුව ඇත්තේ රත්නපුර, කළුතර, මාතර, ගාල්ල දිස්ත‍්‍රික්වලටයි. ඊට අමතරව කෑගල්ල, නුවරඑළිය, මාතලේ, මහනුවර, වව්නියාව, මුලතිව්, හම්බන්තොට, කොළඹ, ගම්පහ, මඩකළපුව, ති‍්‍රකුණාමලය දිස්ත‍්‍රික්වලටද ආපදා තත්වයෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇත.

එමෙන්ම අද සිට වැසි වර්ධනය වීම යළිත් ආරම්භ වීම හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත‍්‍රික් 7ක් සඳහා නායයාමේ, පස්කඳු කඩාවැටීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට, නුවරඑළිය යන දිස්ත‍්‍රික්වලට අද දිනයටත් බලපැවැත්වෙන පරිදි නායයාමේ අනතුරු අඟවා ඇත.

ආපදාවට ලක්වූ දිස්ත‍්‍රික් 15හි පවුල් 1,15,000ක පුද්ගලයෝ පන්ලක්ෂයක් පමණ පීඩාවට ලක්ව සිටිති. සුබසාධන මධ්‍යස්ථාන 319ක රඳවා සිටින පවුල් 25000ක පුද්ගලයන් 102000ක් වෙනුවෙන් ත‍්‍රිවිධ හමුදාවේ සහයෝගයෙන් රජයේ නිලධාරීන් මෙන්ම ස්වේච්ඡුා සංවිධාන, පුද්ගලයන්ගේ ද සහයෙන් සහන සැලසීම් සිදුකරනු ලබයි. නිවාස 2000ක් පමණ විනාශ වී ඇතැයි ද ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත වාර්තා වී තිබේ.

නිරිත දිග මෝසම් තත්වය ස්ථාපනය වීමත් සමඟ බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ සක‍්‍රිය වී ඇති අඩු පීඩන කලාපයේ බලපෑමෙන් දිවයිනට බලපා තිබෙන අධික වැසි සහ තද සුළං තත්වය අද (29* සිට යළිත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.
ඊයේ සහ පෙරේදා දිනයන්හිදී වැසි තත්වයේ අඩුවීමක් පැවැතියද මෙම ගැඹුරු පීඩන අවපාතය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බැවින් අද සහ හෙට දිනයන්හිදී මිලිමීටර් 100කට අධික වැඩි දිවයිනේ නිරිත කොටසට බලපානු ඇති බව කාලගුණ විද්‍යාඥයෝ අනතුරු ඇඟවූහ.

රට හරහා පැයට කිලෝමීටර් 80ක පමණ සුළං බලපෑ හැකි බව ද ඔවුහු අනතුරු අඟවති.
දැනට දිවයින හරහා සුළි කුණාටු තත්වයක් බලපා නොමැති නමුත් බෙංගාල බොක්ක ආශ‍්‍රිත අඩු පීඩන කලාපය ඊයේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වූ අතර එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ ඉඩකඩක් පවතින බව ද කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.

එසේ සුළි කුණාටුවක් දක්වාවර්ධනය වුවහොත් මෙම සුළිකුණාටුව බංග්ලාදේශය, මියන්මාරය දෙසට යන අතර ලබන 31 වැනිදා වනවිට බංග්ලාදේශ ගොඩබිමට ඇතුළු වී එහි ප‍්‍රබලත්වය ක‍්‍රමයෙන් දුර්වල වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

එ් වනතෙක් එහි බලපෑමෙන් පවතින අධික වැසි තත්වය ශ‍්‍රී ලංකාවට බලපැවැත්වුණ ද සුළිකුණාටුව මෙරට ගොඩබිම් දෙසට නොඑන බවත් එය ක‍්‍රමයෙන් ශ‍්‍රී ලංකාවෙන් ඈතට යමින් තිබෙන බවත් කාලගුණ විද්‍යාඥයෝ පැවැසූහ.
මෙය යම් හෙයකින් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වුවහොත් එය ‘මෝරා’ නමින් හැඳින්වෙනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා පොර්තමේන්තුවේ සුළි කුණාටු පිළිබඳ නාම ලේඛන දත්ත පෙන්වා දෙයි.

එ් අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම පළාත්වලට තවදුරටත් අධික වැසි ඇතිවිය හැකි බවත් මේ මේ හේතුවෙන් එම ප‍්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටිය යුතු බවත් ඔවුහු පැවැසූහ.

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය ක‍්‍රමයෙන් වර්ධනය වීමත් නිරිත දෙසට එහි සුළං ප‍්‍රවාහය ගලා එ්මත් නිරිත දිග මෝසම් තත්වයට ඉන් වැසි වර්ධනය වීමේ හැකියාව තවදුරටත් ඉහළයාමත් මෙම අධික වැසි වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.
මේ දිනවල ඇදහැලූණු වර්ෂාවෙන් ගාල්ල සහ රත්නපුර ඇතුළු දිස්ත‍්‍රික්ක කිහිපයකට ඉතිහාසයේ වැඩිම වර්ෂාපතනය වාර්තා කළ බව ද කාර්යයේ නියුතු කලගුණ විද්‍යාඥ කියා සිටියේ ය.


පසුගිය වර්ෂවල නිරිත දිග මෝසම් සමයේදී දිවයිනට ඇදහැලෙන වැසි සමඟ සසඳා බැලීමේදී මෙවර වැසි බලපෑ ප‍්‍රදේශවලට මිලිමීටර් 100කට අධික වැසි බලපා තිබූ අතර ඇතැම් ප‍්‍රදේශවලට මිලිමීටර් 600ක් පමණ වනතෙක් වැසි ඇදවැටී තිබිණ.

මේ අතර පෙරේදා (27* වනවිට නිල්වලා සහ ගිං ගෙඟ් මාපක සියල්ල වැසී යන තරමට ජලය පිටාර යාම නිසා ගංවතුර මට්ටම පිළිබඳ ප‍්‍රකාශ නිකුත් කිරීමට නොහැකි වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවැසීය.

නිල්වලා ගෙඟ් ජල මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යාමත් සමඟ නිල්වලා යෝජනා ක‍්‍රමය යටතේ ඉදිකරන ලද ගංවතුර බැමිවලට ද ඉහළින් ජලය ගලායයි. මේ හේතුවෙන් බැමි කැඞී යාමේ අවදානමක් ඇති බැවින් එ් අසල පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස දැනුම් දුන්නද ඔවුන් නිවෙස්වලින් ඉවත් නොවී ගංවතුර නැරඹීමට පැමිණ බැමි මත ඇවිද යාම නිසා පස් යොදා සකස් කළ බැමි බුරුල් වී කැඩියාමේ අවදානමක් මතුවූ බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව ඊයේ (28* අනතුරු අඟවා තිබිණ.

කෙසේවෙතත් කැලණි, කළු, නිල්වලා, ගිං ගංගාන්හි අසල ප‍්‍රදේශ තවදුරටත් යටවෙමින් පවතින බැවින් හැකිතාක් ඉවත් වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු ඇඟවීය. කුකුළේගඟ අනතුරුදායක තත්වයක් නොමැති බව ඉංජිනේරුවෝ පවසා තිබේ.

ගංවතුර හේතුවෙන් තවදුරටත් කිසියම් අයකු විපතට පත්ව අනාරක්ෂිතව සිටීනම් 117 හෝ 0112 136136 හෝ 0112 136 222 යන අංකවලට දැනුම් දෙන ලෙස රජය දැනුම් දෙයි.

මේ අතර සති අන්තයේ දිනක් වුවද විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා රාජ්‍ය නිලධාරීන් අවශ්‍ය පරිදි කැඳවාගන්නා ලෙසට රජය සියලූ ආයතන ප‍්‍රධානීන්ට දැනුම් දී තිබේ.
ආපදා තත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට අධාර ලබාදෙන්නේ නම් එම ආධාර ප‍්‍රාදේශීය ලේකම් කර්යාල හා ආපදා කළමනාකරණ දිස්ත‍්‍රික් එ්කක වෙත ලබාදෙන ලෙස රජය ඉල්ලා සිටියි. පානීය ජලය, වියළි ආහාර ද්‍රව්‍ය, සනීපාරක්ෂක ද්‍රව්‍ය, බෙහෙත් වර්ග, අලූත් තුව, අලූත් ඇඳ ඇතිරිලි, අලූත් ඇඳුම්, සෙරෙප්පු, ආදිය එලෙස ලබාදීමට කටයුතු කරන ලෙස ද රජය ඉල්ලා සිටියි.

මුලාශ්‍රය – රිවිර
උපුටා ගැනීම - gossip lanka news

0 comments:

Post a Comment