වෛද්‍යවරුන්ගේ වැරදි නිගමනය නිසා පණපිටින්ම තරුණියක් ආදාහනය කරයි
වෛද්‍යවරුන්ගේ වැරදි නිගමනය නිසා පණපිටින්ම තරුණියක් ආදාහනය කරයි
පන පිටින් පිච්චීම අතිශය වේදනාවක් බව අමුතුවෙන් කිවයුතු දෙයක් නොවේ. ඒ වේදනවාට මුහුණදී ජීවිතෙන් සමුගැනීමට 21 ක් හැවිරිදි තරුණියකට සිදුවූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙයි.
රච්නා චෞද්රි නැමති මෙම තරුණිය අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගිය බවට වෛද්‍යවරුන් නිර්දේශ කරනු ලබන අතර ඇගේ සැමියා වන ඩාවේෂ් චෞද්රි අැයගේ අදාහනය සිදුකිරීමට කටයුතු කොට තිබේ. ආදාහනයේදී චිතකය ගිනි දැල්වූවාට පසුව එම අවස්ථාවට සහභාගී වූ අයෙක් මළ සිරුරේ යයම් සෙලවීමක් දැක තිබෙන අතර ඔහු වහාම කෑ ගසා ගින්න නිවීමට කටයුතු කොට තිබේ.
එහෙත් ඒ වන විටත් මළ සිරුර ගින්නෙන් අඟුරු බවට පත්ව තිබේ. බොහෝ දෙනෙක් පවසා තිබෙන්නේ මළ සිරුර ගින්නට අහුවෙද්දී එය ඇඹරීමට ලක්වෙන නිසා මළ සිරුරේ යම් චලනයක් දැකීමට හැකවිය හැකි බවයි.
කෙසේ වෙතත් හිතේ සැකේ නැතිකරගන්න රච්නාගේ සැමියා දැවුණු මළ සිරුර ආයෙත් මරණ පරීක්ෂණයකට යොමුකොට තිබෙන අතර එහිදී මළ සිරුරේ පෙනහැල්ල සහ ස්වසන පද්ධතිය පරික්ෂා කළවිට ගින්නකට හසුවූ කෙනෙකුගේ තිබෙන ආකාරයට අළු සහ දුම රැඳී තිබුණ බව අනාවරණය වී තිබේ.
ආදාහනය වනවිටත් රච්නා මියගොස් නොමැති අතර ඇය මියගිහින් බවට වෛද්‍යවරු ලබාදී තිබෙන්නේ වැරදි නිගමනයක් ව තහවුරු වී තිබේ.
කෙසේ වෙතත් වෛද්‍යවරුන්ගේ වැරදි නිගමනය නිසා ඇයට ජීවිතෙන් සමුගන්න සිදුවීම අතිශය කණගාටුදායක සිදුවීමක්.
0 comments:
Post a Comment