May 19, 2017 Unknown

ඒක්වරක් පමණක් හමුවූ පෙම්වතාගේ ඉල්ලීමකට අනුව නාගරික වැසිකිළියේ පාසල් ඇඳුම් උනා සිවිල් ඇඳුමින් සැරසුණු 12 හැවිරිදි දැරියක් බස් නැවතුමේ ආරක්ෂක නිලධාරීන්ගේ විමලිසිමත් භාවය මත ඊයේ (17) පොලිස් භාරයට ගෙන තිබෙනවා.
උදෑසන පාසල් ආරම්භ වීමේ වේලාවෙන් පසු නිල ඇඳුමෙන් බස් නැවතුමේ වැසිකිළිය අසල බොහෝ වේලාවක් රැඳී සිටිනු නිරීක්ෂණය කරගත් ආරක්ෂක නිලධාරීන් ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටීම නිසා දැරිය ඇඳුම් මාරු කරගෙන බැහැරට පැමිණීමද නිරීක්ෂණය වීමෙන් අනතුරුව එසේ කුලියාපිටිය පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
මූණමල්දෙණිය ප්‍රදේශයේ පාසලක 8 වසරේ ඉගෙනුම ලබන සිසුවියක් එසේ පොලිස් භාරයට ගැනුණු අතර ඇයගේ තොරතුරු අනුව පොලිසිය මඟින් මවුපියන් ගෙන්වා ගැනීමටද කටයුතු කර තිබුණා.
මළ ගෙදරකදී දැක හාද වූ පෙම්වතා යැයි කියන තරුණයා එම සිදුවීම අතරතුර පලාගොස් ඇති අතර දැරිය ගෙන්වා ගැනීමට සම්බන්ධතා පවත්වා ඇත්තේ දැරියගේ මවට අයත් ජංගම දුරකතනය නිවෙසේ තබා ඇති අවස්ථාවන්හිදී බව පොලිසිය දැරියගෙන් අනාවරණය කරගෙන තිබෙන බවත් පැවසෙන්නේ.
උපුටා ගැනීම gossiplankasinhala.lk වෙබ් අඩවියෙන්
0 comments:
Post a Comment